දැනුන දා සිට
නුඹේ සෙනෙහස
පිපෙනවා මල්
මගේ හදගැබ
ඒ මලක හැම සුවඳ පොදකම
තැවරිලා ඇත
නුඹේ සෙනෙහස
2002 – 09 – 01
මීට වසර 8 කට පමණ පෙර මාගේ තවත් එක් පෙම් කතාවක් නොවූ පෙම් කතාවක් ආරම්භ කළෙමි. ඒ මගේ බිරිඳ සමග ය. මගේත් ඇගේත් පෙම් සබඳතාවය වසර 3 කුත් මාස 7 ක් පමණ විවිධ ස්වරූපයන් දරමින් කෙළවර වූයේ.... අපගේ විවාහයෙනි... අපට අමතක විය හැකි බොහෝ දෑ අතුරින් බොහෝ දෑ මතක් කරවන මූලාශ්රයක් තිබේ... ඒ අපේ කවි පොතයි.... මා ඇයට මුලින්ම තෑගි කළ කවි පොතයි.... එය අපේ පෙම් කතාවේ මතක මං පෙතක් වැනිය... මේ එහි අන්තර්ගතයයි.... මෙහි අඩංගු වන්නේ මා ලියූ කවි පමණකි...