Monday, March 22, 2010

මගෙන් ඈ ඇසු පළමු කව


 අපේ ආදර සම්බන්ධය පටන් අරං හරියටම දින 9 කින් වැලන්ටයින් දවස ආවා... අළුත්ම ප්‍රේමය හින්දා ඕක ගණන් නොගෙන ඉන්නත් බෑ... මොනවා හිතයි ද දන්නේ නෑනේ...  මං හිතුවා පොඩ්ඩක් හරි අර්ථයක් තියෙන දෙයක් කරනවා.. කියලා... මං ගිහිං ගත්තා තරමක සටහන් පොතක් සහ පෑනක්... පළමු පිටුවේ නිසඳැසක් ලියලා... මගේ ආදරවන්තියට දුන්නා...  ඊට පස්සේ චූටි උපදෙස් ටිකකුත් දුන්නා (වාචික ව). ඒ කියන්නේ වැලන්ටයින් සැමරුම බලෙන් අපේ ඇඟේ ගහපු එකක් මිසක් අපේ දෙයක් නෙවෙයි. අවුරුද්දකට එක දවසක් ආදරය සමරනවාට වඩා හැමදාම හැම මොහොතෙම අපි එය සැමරිය යුතුයි.... වගේ දේවල්...


මහ සයුර
නොවේ නුඹ
පරතෙරක් නොදන්නා……
මිරිඟුවක්
නොවේ නුඹ
සිත හැඟුම් රවටනා……
මහ ගඟක් නොවී නුඹ
මගෙන් ඈතට යනා
දිය පොදක්
වෙයන් මට
පෙම් පවස සනහනා..
ජය අරන්
අභියෝග
නුඹ සමග එක්වෙලා
නුඹේ දෑතම අරන්
පපුතුරෙහි
සඟවලා..
නුඹේ දෑසට එබී
සෙනේහය
උතුරනා.
සිනා සෙන්නෙමි දිනෙක
සදාකල්
නුඹෙ වෙලා……!


2002 02 14 
සචී... අපි කසාද බඳිනකම් මේ පොතේ කවි ලියමු... ඔයා කවියක් ලියලා මට මේ පොත ආපහු දෙන්න.. මං තව එකක් ලියලා... ඔයාට දෙන්නම්... මං එහෙම කිව්වා...

මට කවි ලියන්න බෑනේ... එයා කියපි...


හරි... පුළුවන් විදිහට ලියන්නකෝ... එතකොට පුළුවන් වෙයි...



9 comments:

  1. :)
    කෝ එයා ලියපු කවිය...
    ජීවිතේ පුරාවටම ලියමින් ඉන්නෙ ඒ කවියවෙන්න ඕනෙ මම හිතන්නෙ... :)

    ReplyDelete
  2. සුබ පතන්න අමතක උනා නොවැ මේ බ්ලොගයට... :(
    සුබ පතනව යාළුවා... දිගටම මෙය කරගෙන යන්නත්... ජීවිතය සතුටින් ගෙවන්නත්...!!!
    තෙරුවන් සරණයි...!!!

    ReplyDelete
  3. නුවන් සුභ පැතුවට මුලින්ම ස්තුති කරන්නම් කෝ... තෙරුවන් සරණින් ඉදිරියට කවි 30 ක් විතර දාන්න තියෙනවා...

    එයා ලියපු කවිය නම් දාන්න වෙන්නේ නෑ සහෝ... ඔයා හරියටම හරි.. එයා කවි ලියන්නේ මගේ හදවතේ....

    ReplyDelete
  4. කවි 30ක් මදී... :)
    හදවතේ එයා ලියන කවියෙන් මත්වෙලා ලියන්නකො එහෙනම් තව කවි ගොඩාරියක්... අපි ඉඩ ලැබෙන වෙලාවට ඇවිත් කියවන්නම්... :)

    ReplyDelete
  5. ඔව් ඔයා කියන නිසා දැනට ලියලා තියෙන කවි 30 ට අමතරව අලුතෙනුත් ලියන්නම්කෝ... ඇවිත් බලලා කමෙන්ට් එකක් දාලා යන්නකෝ...

    ReplyDelete
  6. මට හිතෙනවා මේ ලස්සන කතාවක ආරම්බයක් කියලා. හරි අයියේ දිගටම කවි දාන්නකෝ. අපි බලාගෙන ඉන්නවා. සුබ පැතුම් !

    ReplyDelete
  7. බොහොම ස්තුතියි මින්දද මල්ලි මේ පැත්තේ ඇවිල්ලා කමෙන්ට් එකක් දැම්මට...

    ReplyDelete
  8. mate sinhala fonts na.. sry meheme liyenewate.. sundere minisekuge adere kathawete sube pathum..

    ReplyDelete
  9. @shyamanie
    සිංහල ෆොන්ට්ස් නැති වුණාට ඔයාට ලියන්න පුළුවන්....
    මෙන්න මෙතැනට ගියා නම්...

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    මෙතන්ට ආවට මුලින්ම ස්තුති කරන්න ඕන..
    කමෙන්ට් එකටත් ගොඩාක් ස්තුතියි....
    සුභ පැතුමටත් ස්තුතියි...

    ReplyDelete