Tuesday, May 4, 2010

සයුරු තෙර හිඳ...@Beach

 මට අවුරුදු 25ක් විතර වෙනකොට මගේ ජීවිතයේ කිසියම් ඒකාකාරී බවකින් නො එසේ නම් සංකීර්ණ බවකින් පිරිලා තිබුණා මට මතකයි. ඒ මගේ දෙමව්පියන්ගේ තිබුණු අධික අවිවේකි බව, මගේ මිතුරන් කීප දෙනෙක් මාත් එක්ක ඇති කරගත් යම් යම් ප්‍රශ්ණ වගේ දේවල් නිසා.......


ඒත් මගේ ප්‍රියාදරියත් එක්ක පුංචි සවාරියක් ගිහාම ඒ දුක්, ප්‍රශ්ණ අභිබවා ජීවිතයේ ඇති සුන්දර බව දැනුනා... මේ ඒ ගැන ලියූවක්.....




සයුරු තෙර හිඳ
නුඹේ උණුසුම්
සුසුම් අතරේ
ගෙවූ පෙරදින
දැනුනු මිහිරෙන්
අත් විඳිමි මම
ජීවිතයෙ ඇති
අසිරිමත් බව …….
 

2 comments:

  1. ඔව් අයියේ... සාමාන්‍යයෙන් ටුවර් එකක් ගියාම පුද්ගලික ප්‍රශ්න වලට මුහුණ දෙන්න හයියක් ලැබෙනවා වගේම දෙන්නා අතරත් මොනවා මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඒ සියලු ප්‍රශ්න නිවාරණයි. ඒක අත්දුටු බෙහෙතක්.

    ඒක හින්දම මමනම් ඕක සමහර වෙලාවට අනෙක් පැත්තටත් පාවිච්චි කරනවා. ඒ කියන්නෙ කොහෙ හරි යන්න ඕනේ උනාම පොඩි විතර වලියක් දා ගන්නවා.. :) :)

    ReplyDelete
  2. ආ... ඒකත් නියමයි නේද...? කතාව ඇත්ත මල්ලී...

    ReplyDelete