Thursday, April 1, 2010

මං නපුරු නෑ....

කාළය ගෙවිලා යනකොට සමහර අවස්ථා වල මගේ අදහස් සහ ඇගේ අදහස් අතර පුංචි පුංචි ගැටුම් ඇති නොවුනා මත් නෙවී.. ඇය හිතන තරම් ලොව සොඳුරු නැති බව මං ඊට කලින් මගේ අත්දැකීම් තුලින්ම අවබෝධ කරගෙන හිටි නිසා වෙන්න ඇති... මේ පුංචි දැනුවත් කිරීම... 
හොඳ... ඔය කියන තරම් හොඳත් නෑ...
නරක.. කියන තරම් නරකත් නෑ...
 
මේ ටික පහදලා දෙන්න ගිහින් අපි අතර පුංචි ගැටුමක් ඇතිවෙන්න ඇති...
ඒ නිසයි මං මෙහෙම කියන්න ඇත්තේ....
මං ඒ තරම්ම නපුරුත් නෑ....

හිරු අඳුරු නෑ
සඳු එළිය නෑ
ගඟ ගැඹුරු නෑ
රළ සොඳුරු නෑ
ලොව මිතුරු නෑ
මං නපුරු නෑ
නුඹ සිතන තරම්

2002 – 04 – 18

2 comments:

  1. අක්කට පොඩි සද්දයක් දාපු වෙලාවක එයා කියපු දෙයක් හින්දා ලියවෙච්චි එකක් වගේ...

    ReplyDelete
  2. මටත් හරියටම මතක නෑ... එහෙම වෙන්නැති... ස්තුතියි මල්ලියා....

    ReplyDelete