Monday, May 17, 2010

නුඹෙ උණුසුමත් සුන්දර සිසිලසකි මට.....!

ඒ දවස් වල ඉතින් අපිට කතා කරන්න, ලඟ රැඳෙන්න කොයි තරම් වෙලාවක් තිබුණත් මදි කියලයි හිතෙන්නේ....
ඇත්තටම අපි නිතර හමු වුණාට වැඩිය නිදහසේ කතා කරන්න අවස්ථාවක් ලැබුණෙත් නෑ තමයි. කොහොම හරි ලැබෙන ටික වෙලාවේ හිනාවෙන් සතුටින් කාලෙ ගෙවන්න අපි උත්සාහ කළා.. 
අපට ඉතිං මේ අවස්ථාව ලැබුණේ බස් රථයක යන අතර තුර..... 
ඉතිං ඒ වෙලාවට කොයි තරම් දාඩිය දැම්මත් අත් දෙක පටලවා ගන්න අපි අමතක කළේ නෑ (දැන් නම් බස් එකකදී අත ඇල්ලුවොත් .... මේ දාඩිය අස්සෙ, පොඩ්ඩක් එහාට වෙලා ඉන්නකෝ... එහෙම නොකිව්වත් එහෙම හිතයි වත් කියලා මට හිතෙනවා.දැන් ඉතිං ළමයි ලපටි ඉන්න නිසා බස් එකක ජෝඩු දාලා යන එක හිතලුවක් විතරයි.). 
ඇත්තටම එහි සුන්දර සිසිලසක් මට දැනුණා.... ඔයාලටත් එහෙම දැනිලා ඇතිනේ....



සඟවා මුවග
මඳ හසරැලි
කෙළි කවට
හොරැහින් බලයි
මා දෙස
ඉඟි බිඟි නොකොට
ගිනි මද්දහනෙ වුව
මා ගත වෙලෙන විට
නුඹෙ උණුසුමත්
සුන්දර සිසිලසකි මට
2002 – 06 – 10


4 comments:

  1. ලස්සනයි..

    ReplyDelete
  2. සොදුරු ආදර සැමරුම්...
    ලස්සනයි අයියේ... දිගටම ලියන්න. මම එනවා බලන්න කවුරු නැතත්..

    ReplyDelete
  3. @මින්දද
    වචනෙත් ඇති මල්ලියා....

    ReplyDelete